2018 වර්ෂයේ සමෘද්ධි ප්රතිලාභින් සවිබල ගැන්වීමේ වැඩසටහනග
කළුතර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ 13 අතරින් බේරුවල ප්රාදේශීය ලේකම් කොට්ඨාශය ග්රාම නිලධාරී වසම් 82 කින් සමන්විත වන අතර සමෘද්ධි ප්රජාමුල බැංකු 06ක් ස්ථාපිත කර ඇත.
මෙම කොට්ඨාශය තුල ප්රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය සහ ධිවර කර්මාන්තය වේ.තවද සංචාරක කර්මාන්තය ජීවනෝපාය කරගත් පවුල් ද බහුලව ජීවත් වේ.
කොට්ඨාශයේ මුළු සමෘද්ධි ප්රතිලාභි පවුල් සංඛ්යාව 8681 වන අතර මෙම වර්ෂයේ සවිබල ගැන්වීම සඳහා ප්රතිලාභි පවුල් 549 හදුනාගන්නා ලදී.
මෙම ප්රතිලාභි පවුල් සවිබල ගැන්වීම සඳහා කොට්ඨාශය වෙත වෙන්කර ඇති ප්රතිපාදන මුදල් රු.1545560/-කි. එම ප්රතිපාදන වලින් කෘෂි වැඩ සටහන සඳහා රුග42000/- ක් ද කර්මාන්ත සංවර්ධනය සඳහා රුග1503560/- ක් ද අලෙවි සංවර්ධන වැඩ සටහන සඳහා රු.100000/-ද යොදාගනු ලැබීය.
ඒ යටතේ සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ඇගළුම් කර්මාන්තය සඳහා ජුකී හා ඕවලොක් මැෂින් ලබාදීමේ ව්යාපෘති,වඩු හා පෙදරේරු කර්මාන්තයේ යෙදිසිටින අය සඳහා වඩු කාර්මික යන්ත්ර සහ වෙනත් උපකරණලගෘහස්ථ අලෙවිසැල් සඳහා ශීතකරනලතරාදි හා වෙනත් උපකරණ කට්ටල 38 ලබාදෙන ලදි.
එමෙන්ම අලෙවි සංගම් ව්යයසායකයන්ගේ එකමුතුවෙන් තිරරෙදි මැසීමේ පුහුණු පාඨමාලාවක් පවත්වනු ලැබු අතර විදාතා සම්පත් මධ්යස්ථානය ඒකාබද්ධව මහණ මැෂින් අළුත්වැඩියා කිරිමේ පුහුණු වැඩ මුළුවක් පවත්වනු ලැබීය.
විසිතුරු මල්වගාව සහ භෝග වගාව සඳහා නිතර ප්රතිලාභින්ගේ දැනුම වර්ධනය උදෙසා ක්ෂේත්ර පුහුණු වැඩ සටහන් ද ක්රියාත්මක කරන ලදි.
"සැලසුම් අංශයේ දැක්ම"
ආර්ථික,සමාජීය,මුල්ය,වානිජ හා තාක්ෂණික නවෝත්පාදන හා අවස්ථාවන් සඳහා රටතුල ප්රමුඛ ස්ථානය ඇති ප්රාදේශීය ලේකම් කොට්ඨාශයක් නිර්මාණය කිරීම."සැලසුම් අංශයේ මෙහෙවර "
සමාජ හා ආර්ථික අවස්ථා පුළුල් කිරිම තුලින් කොට්ඨාශයේ ජනතාවගේ ගුණාත්මකභාවය ඉහල නැන්වීම මගින් තිරකර වූ ආර්ථික,සමාජීය,සංස්කෘතික හා භෞතික සංවර්ධනයක් ඇතිකිරීම.- ආදායම් හා රැකියා සඳහා ආර්ථික.
- කොට්ඨාශයේ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම.
- කොට්ඨාශය තුල යහපත් පරිසරයක් නිර්මාණය කිරීම.
- තිරසාර ගෘහ ඒකක ආදායම ශක්තිමත් කිරීම.
- ග්රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
අරමුණු
- කොට්ඨාශයට අයත් ග්රාම නිලධාරී වසම් 82ට අදාල ගෘහ එකකයන්හි තිරසාර සංවර්ධනය.
- අවශ්ය ග්රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
- විමධ්යගත අයවැය වැඩසටහන සහ ගම්පෙරලිය කඩිනම් ග්රාමීය සංවර්ධන වැඩසටහනට අයත් ප්රතිපාදන කොට්ඨාශයේ සියළු ග්රාමීය ප්රදේශ සංවර්ධනය කිරීම සඳහා ව්යාප්ත කිරීම.
- ප්රාදේශීය සංවර්ධන වැඩසටහන යටතේ භෞතික හා මුල්ය ප්රගතිය 100%ක් සාක්ෂාත් කර ගැනීම.
- සෑම වර්ෂයකම දෙවන කාර්තුව අවසන් වීමට පෙර ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සම්පත් පැතිකඩ යාවත්කාලීන කිරීම හා සම්පුර්ණ කිරීම.
- සෑම වර්ෂයකම දෙවන කාර්තුව අවසන් වීමට පෙර ප්රාදේශීය ලේකම් කොට්ඨායට අයත් දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම.
ක්රීයාකාරකම්
- කොට්ඨාශයේ සංවර්ධන ප්රතිපත්ති සඳහා පහසුකම් සැපයීම.
- ප්රාදේශීය සංවර්ධන වැඩසටහන්හි සමස්ත සැලසුම්කරණය සහ වැඩසටහන් සම්පාදනය කිරීම.
- යටිතල පහසුකම් හා මහජන උපයොගීතා සැලසුම්කරණය.
- සමාජ,සංස්කෘතික හා ආයෝජන ප්රවර්ධනය.
- පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා පහසුකම් සැපයීම.
- සංවර්ධන වැඩසටහන්වල සමස්ථ සම්බන්ධිකරණය,අධික්ෂණය හා ප්රගති සමාලෝචනය.
- විමධ්යගත අයවැය වැඩසටහන ක්රියාත්මක කිරීම.
- මධ්ය රජයේ ප්රතිපාදන යටතේ අනුමත සියළු සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම.
- ඒකාබද්ධ ප්රාදේශීය සංවර්ධන වැඩසටහන ක්රියාත්මක කිරිම.
- ගම්පෙරලිය සංවර්ධන වැඩසටහන ක්රියාත්මක කිරීම.
- බස්නාහිර පලාත් සංවර්ධන වැඩසටහන ක්රියාත්මක කිරිම.
- ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අධික්ෂණය කරනු ලබන ජාතික සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම.
- ග්රාම නිලධාරී වසම් මට්ටමෙන් රෝග නිර්ණය හා ගැටළු හදුනාගැනීමේ කාර්යය සඳහා දත්ත යාවත්කාලීන කිරීම.
- ප්රාදේශීය ලේකම් කොට්ඨාශය තුල මානව සම්පත් කලමනාකරණ කාර්යයන්.
- සංවර්ධනය ආශ්රීත දත්ත ලේඛනගත කිරීම,ප්රකාශනය කිරීම,අධ්යයන හා සමීක්ෂණ ප්රවර්ධනය කිරීම.
- මහජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් පැවැත්වීම හා ප්රකාශනය කිරීම.
- ප්රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා සම්පත් පැතිකඩ සකස් කිරීම
- ප්රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ක්රියාත්මක ග්රාමශක්ති වැඩසටහන සඳහා පහසුකම් සැපයීම.
- ප්රාදේශීය සංවර්ධන ක්රියාත්මක සැලැස්ම සකස් කිරීම.
- ප්රදේශීය මෙහෙයුම් මැදිරිය ශක්තිමත් කිරීම හා පවත්වාගෙන යැම.
- ග්රාමීය ආර්ථික සංවර්ධන වැඩසටහන් ක්රියාත්මක කිරීම.
- ප්රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම් පැවැතවීම හා පහසුකම් සැපයීම
- ප්රාදේශීය කෘෂිකර්ම කමිටුව පැවැත්වීම
- සංවර්ධනය ආශ්රීත අනෙකුත් ක්රියාකාරකම්.
















පිහිටීම