පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අත්හිටවනු ලැබු බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම නැවත යථාතත්වයට පත්කිරිමෙන් පසු බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්ද ආදායම් බලපත්‍ර නිකුත් කිරීම පසුගිය දා ආරම්භ විය. එහෙත් පවතින තත්වය හමුවේ දිනකට 200 දෙනෙකු වෙනුවෙන් එම සේවාව ලබාදීමට තිරණය කර ඇත.එම නිසා සෑම දිනකම පෙරවරු 9ට අංක ලබාදීමක් සිදුකර, එම අංක අනුපිළිවෙල අනුව එදිනට ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සිදුකරනු ලබයි. එම හේතුවෙන් මහජනතාව වෙත සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරමු.
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ආයෝජන අවස්ථා පුළුල් කිරිම,දේශීය කිරි නිශ්පාදනය ප්රවර්ෂනය කිරිම දේශීය ආහාර භෝග නිෂ්පාදනය සඳහා රජයේ ඉඩම් ප්‍රශස්ථ ලෙස කළමානාකරණය කිරිම රජයේ ප්රමුඛ අරමුණයි.එම අරමුණ පෙරදැරිව පළමු පියවර ලෙස ශ්‍රී ලාජකික පුරවැසියන්ට නිරවුල් බිමක හිමිකම තහවුරු කිරිම සඳහා විධිමත් ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම් සංවර්ධනය කර ඇති පුද්ගලයන් වෙත කඩිනමින් හා විනිවිද භාවයකින් යුතුව නීත්‍යානුකූල ලේඛන ලබා දිමට සැලසුම් කර ඇත.ඒ සඳහා රජයේ ඉඩම් අවිධිමත්ව භුක්ති විදින පුද්ගලයන් ක්‍රමවත්ව හඳුනාගෙන එම පුද්ගලයන්ගේ සුදුසුකම් පරික්ෂා කර බලා නීත්‍යානුකූල ලේඛනයක් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි මහත්ම මහත්මින් වෙතින් රජයේ ඉඩම් පරිහරණය කරන පුද්ගලයින් වෙත අදාල අයදුම් පත්‍රය ලබා ගැනිමට අවස්ථාව බේරුවල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.ඩී.චතුර මල්රාජ් මහතා විසින් අවස්ථාව දැන් සලසා ඇත.
වැඩි විස්තර සඳහා පහත ගැසට් පත්‍රය කියවා බල්න්න
නව කොරෝනා වෛරසය(New Covid 19) හා ඉන් වැලැකීමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව උපදෙස් ඇතුළත් කොට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිතුක් කර ඇති පහත තොරතුරු ඇතුළත් ලිපිය පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න.
කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවයක් උදෙසා
කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවයක් උදෙසාපවතින කොරෝනා වසංගත තත්වය මධ්‍යයේ කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවාවක් ලබා දීම උදෙසා අප විසින් ඔබගේ ගැටලු බේරුවල ප්‍රාදේශීය ලේකම් තුමා සමඟ සාකච්ඡා කිරිමට පහත සබැඳිය වෙත පිවිස ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කිරිමට දැන් අවස්ථාව සලසා ඇත.
ඔබගේ ඉල්ලීම් අනුපිලිවෙලට ඔබ පැමිණිය යුතු දිනය හා වේලාව SMS හෝ දුරකථන ඇමතුමක් මගින් ලබා දීමට දැන් අප සුදානම්.
ප්‍රාදේශීය ලේකම්තුමා හමුවීමට පහත සබැදියට පිවිසෙන්න.
https://forms.gle/F3cMppikZx9cci8PA
QR Cord ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය මගින් ස්කැන් කරගන්න.
The Division day meeting is held in 24.01.2020 at 01.30 p.m. at the Auditoruam in Divisional Secretariat of Beruwala
Page 1 of 2